දේශීයප්‍රමුඛ පුවත 1

අද සිට ඇඳිරි නීතිය රාත්‍රී 11.00 සිට ක්‍රියාත්මක වේ

(UTV | කොළඹ ) – සමස්ත දිවයිනටම පසුගිය බදාදා රාත්‍රී 10 ට පණවන ලද ඇඳිරි නීතිය අද අලුයම 4 ට ඉවත් කර තිබේ.

අද සිට දිවයිනේ සියලූ දිස්ත්‍රික්වල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 11.00 සිට අලූයම 4.00 දක්වා පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

මේ අතර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් හැර සෙසු දිස්ත්‍රික් අතර ගමනා ගමනයට ඇති අවසරය නොවෙනස්ව පවතියි.

රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන සහ කාර්යාල පවත්වාගෙන යාමේදීත්, එදිනෙදා ජන ජීවිතයේදීත් කොරෝනා නිවාරණ සෞඛ්‍ය නිර්දේශ පෙර පරිදි මුලූමනින්ම පිළිපදින ලෙසට රජය සියලූ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියි.

Related posts

තවත් කොරෝනා ආසාදිතයන් 19 ක් පූර්ණ සුවය ලබයි

Mohamed Dilsad

ගාල්ලේ බාලිකා විදුහලක විදුහල්පතිනියක් අල්ලස් චෝදනා මත අත්අඩංගුවට

Mohamed Dilsad

මේ දක්වා සිදුකර ඇති PCR පරීක්ෂණ ගණන 35, 323 ක්

Mohamed Dilsad

Leave a Comment