දේශීය

නිරිත දිග මෝසම හේතුවෙන් ඉදිරියේදී වැසි වැඩි වෙයි

(UTV| කොළඹ) – නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වයන් දිවයින හරහා ස්ථාපිතව ඇති අතර දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තරමක වැඩිවීමක් සිදුවනු ඇති බව කාලගුණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.

බස්නාහිර, වයඹසහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතරදිස්ත්‍රික්කවලත්ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ටවැඩි තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැක.

දීවයින හරහා, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩි විය හැකියි.

Related posts

අද කාලගුණ තත්ත්වය

Mohamed Dilsad

නව විභාග කොමසාරිස් ජනරාල්වරයෙකු පත් කෙරෙයි

Mohamed Dilsad

දුරකථන මාර්ගයෙන් මැතිවරණ ප්‍රචාරණය නතර කරන ලෙස දුරකතන සේවා සමාගම්වලට මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්

Editor O

Leave a Comment