දේශීයව්‍යාපාරික

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළට

(UTV | කොළඹ) – ගෝලීය වසංගත තත්ත්වයත් සමග පහත වැටුණු ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ගත වූ සතිය තුළ අඛන්ඩ වර්ධනයක් පෙන්නුම් කළේය.

පසුගිය මාසයේ එනම් මැයි මස අවසන් සතියේ ඇමරිකානු ඩොලර් 38ක් පමණ වූ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට ඇමරිකානු ඩොලර් 42 යි ශත 30 දක්වා ඉහළ ගොස් ඇත.

මිල ස්ථාවරව පවත්වාගැනීම සඳහා දැනට ක්‍රියාත්මක දිනකට බැරල් මිලියන 9.7ක නිෂ්පාදන කප්පාදුව තවත් මාසයකින් දීර්ඝ කිරීම සඳහා සෞදි අරාබිය ප්‍රමුඛ ඔපෙක් සංවිධානය, රුසියාව ඇතුලු රටවල් සමඟ පසුගිය දින කිහිපය තුළ සාකච්ඡාවල නිරත වූ අතර , නිෂ්පාදන කප්පාදුව සම්බන්ධයෙන් සාකච්ඡාවකට ඔපෙක් සංවිධානය සහ එහි පාර්ශවකරුවන් අද නැවතත් රැස්වීමට නියමිතයි.

Related posts

රන්ජන් – රාජිත ඇතුළු පසුගිය රජයේ සිටි 7කට සිතාසි

Mohamed Dilsad

කොරෝනාවට එරෙහිව සටන් කරන වැඩකරන ජනතාවට අගමැති උත්තමාචාරය

Mohamed Dilsad

එම්.සී.සී අධ්‍යයන කමිටුවේ මූලික වාර්තාව ජනපතිට භාරදෙයි

Mohamed Dilsad

Leave a Comment