දේශීය

සුවය ලැබූ නාවික සෙබලුන් ගණන ඉහළට

(UTV | කෝවිඩ්-19) – කොවිඩ් – 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලබා සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 500 ඉක්මවා තිබේ.

ගතවූ පැය 24 තුළ තවත් නාවික සෙබලුන් 20 දෙනෙකු සුවය ලැබීමත් සමග පූර්ණ සුවය ලැබූ සමස්ත නාවික සෙබලුන් ගණන 508 දක්වා ඉහළ ගොස් ඇති බව
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ කියාසිටියේය.

ඊයේ (07) දිනයේදී කිසිදු නාවික හමුදා සෙබළෙකු වෛරසය ආසාධිතයන් ලෙස වාර්තා නොවීමද විශේෂත්වයකි.

Related posts

සමන් රත්නප්‍රිය දිවුරුම් දෙයි

Mohamed Dilsad

බස්නාහිර සිදුකළ විශේෂ මෙහෙයුමකින් 900 කට අධික පිරිසක් අත්ඩංගුවට

Mohamed Dilsad

වැලිසර මාරක අනතුර – පිය පුතු දෙපළ රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment