දේශීය

පෞද්ගලික බස් රථ හිමියන්ට ලක්ෂ 3 ක මූල්‍ය පහසුකමක්

(UTV | කොළඹ) – කොරෝනා වංසගතය හේතුවෙන් ගාල් කර තැබූ බස් රථවල අලුත්වැඩියා කටයුතු සඳහා රුපියල් ලක්ෂ 3 ක ණය පහසුකමක් ලබාදීමට එකඟතාව පළ වී ඇත.

ඒ, අද (08) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ප්‍රවාහන බලධාරින් අතර පැවති විශේෂ සාකච්ඡාවකදීයි.

ඉදිරියේදී ඒ පිළිබඳව බැංකු සමඟ ද සාකච්ඡා කරන බව මගී ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර සාකච්ඡාවෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී සඳහන්කර සිටියේය.

එමෙන්ම, පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමේදී බස් රථවල ආසන ගණනට මගීන් ප්‍රවාහනය අනිවාර්ය කිරීමට ද ජනාධිපතිවරයා එකඟත්වය පළ කළ බව අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.

Related posts

වැඩබලන සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස චන්න ජයසුමන දිවුරුම් දෙයි

Mohamed Dilsad

හිටපු ජනපති නාම යෝජනා සඳහා අත්සන් තබයි

Mohamed Dilsad

පිරවුම්හල් සහ ඛණිජ තෙල් සංස්ථාව අතර ගැටළුවේදී බලශක්ති ඇමති ඉංජිනේරු කුමාර ජයකොඩි හැංගිලා… ද?

Editor O

Leave a Comment