දේශීය

කොරෝනා ආසාදිතව මිය යන්නන් ආදාහනයට එරෙහි පෙත්සම සලකා බැලීම ජුලි 13

(UTV | කොළඹ) –  කොරෝනා ආසාදිතයන්ගේ මරණ භූමදානය කිරීම තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වන බව සඳහන් කරමින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද සිසිර ද ආබෲ සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීය.

කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම සලකා බැලීම ජූලි මස 13 වනදා සිදු කරන බව නියම කළේය.

සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් කොරෝනා ආසාදනය හේතුවෙන් මිය යන පුද්ගලයින් ආදාහනය කළ යුතු බවට රජය විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කර ලෙසටත් පෙත්සම් කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

 

 

 

Related posts

අනිද්දා සියලුම රජයේ කාර්යාලවලට නිවාඩු දිනයක්

Mohamed Dilsad

හිටපු ඇමති ටිරාන් අලස් සැකකරුවෙක් ලෙස නම් කරයි: විදේශ ගමන් තහනම්

Editor O

නොසැලකිල්ල තිදෙනෙකුට දිවි අහිමි කරයි

Mohamed Dilsad

Leave a Comment