දේශීය

යාපනයේ වෙළඳාමේ ගිය ඉන්දීය ජාතිකයෙකුට කොරෝනා වැළඳිලා

(UTV |යාපනය ) – යාපනයේ රෙදිපිළි වෙළඳාමේ යෙදුණු ඉන්දීය ජාතිකයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වේ.

මේ නිසා යාපනයේ නිවාස තුනක පදිංචිකරුවන් ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.

යාපනයේ රෙදිපිළි වෙළඳාමේ නිරතව සිට පසුගිය දා යළි තමිල්නාඩුවට ගිය ඉන්දීය ජාතිකයෙකුට කොරෝනා වෛරසය වැළදී ඇතැයි උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.කේදීෂ්වරන් මහතා සඳහන් කරයි.

පසුගිය පෙබරවාරි මාසයේ සිට මෙම ඉන්දීය ජාතිකයා මෙරට වෙළඳාම් කටයුතුවල නිරතව ඇත.

ඉන්දීය ජාතිකයන් යළි එරටට ගෙන යාමට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මැදිහත්ව විශේෂ නෞකාවක් සූදානම් කර තිබූ අතර මෙම පුද්ගලයා ද එම නෞකාවෙන් ආපසු පිටත්ව ගොස් තිබේ.

 

Related posts

ඝාතන නඩුවෙන් පිල්ලෙයාන් ඇතුළු 05 දෙනෙක් නිදහස්

Mohamed Dilsad

වසර 05ක් තුල රුපියල් ට්‍රිලියන 1.2 ක වාහන ආනයනය කරයි

Mohamed Dilsad

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාසට ලැබෙයිද…? පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණාගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment