දේශීයප්‍රමුඛ පුවත 1

රාජිතට ඇප හිමිවෙයි

(UTV | කොළඹ) – රිමාන්ඩ් භාරයේ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනරත්න මහතා ඇපමත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (10) නියම කළේය.

ඒ අනුව සැකකාර රාජිත සේනාරත්න මහතා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

මෙම සැකකරුට එරෙහිව ඉදිරිපත් කර තිබෙන වැරදි සියල්ල ඇප දිය හැකි වැරදි බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා ඔහුට ඇප ප්‍රතික්ෂේප කිරීමට තරම් ප්‍රබල කරුණු කිසිවක් ඉදිරිපත් වී නොමැති බවද සඳහන් කළේය.

මතභේදාත්මක සුදු වෑන් පුවත්පත් සාකච්ඡාව සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

Related posts

කොළඹ වරාය නගරයට අදාළ පෙත්සම් විභාගය හෙටට කල්යයි

Mohamed Dilsad

විදුහල්පතිනියට පහර දුන් ගුරුවරයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

අද සිට රාජගිරියේ නව බස් රථ ධාවන සැලැස්මක්…

Mohamed Dilsad

Leave a Comment