දේශීය

වවුචර්පත් වෙනුවට යළිත් නිල ඇඳුම් රෙදි

(UTV | කොළඹ) – පාසල් සිසුන්ට ලබන වසරේ සිට නිල ඇඳුම් වවුචර්පත් වෙනුවට නිල ඇඳුම් රෙදි ලබාදීමට රජය තීරණය කර ඇත.

ඒ සඳහා අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

නිල ඇදුම් රෙදි, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශ යටතේ ලියාපදිංචි දේශීය රෙදිපිළි නිෂ්පාදකයන්ගෙන් පමණක් ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුව සපයා ගැනීමටද තීරණය කර ඇති අතර , මේ සඳහා රුපියල් කෝටි 210 ක පමණ මුදලක් වැය වෙතැයි අපේක්ෂා කෙරේ.

පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි ලබාදීම 1993 වසරේ සිට සිදු වූ අතර 2015 සිට නිල ඇඳුම් රෙදි වෙනුවට වවුචර්පත් ලබා දීම සිදු විය.

Related posts

තවත් ප්‍රදේශ කිහිපයකට හෙට සිට ඇඳිරි නීතිය

Mohamed Dilsad

තැපැල් ඡන්ද අයඳුම්පත් භාර ගැනීමේ දින ප්‍රකාශයට පත් කෙරේ

Mohamed Dilsad

ශ්‍රී ලංකාව ආනයන සීමා පැනවීම ගැන යුරෝපා සංගමය කණස්සල්ලෙන් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment