දේශීය

සිසුන්ගේ පැමිණීමට පෙර සෑම පාසලකටම ගිලන් කාමරයක්

(UTV | කොළඹ) – සෑම පාසලකම සිසුන්ගේ පැමිණීම ආරම්භ වීමට පෙර ගිලන් කාමරයක් සකස් කර තිබිය යුතු යැයි අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පතිවරුන්ට දන්වා ඇත.

පාසලේ දී හදිසියේ දරුවකු රෝගී වූ අවස්ථාවක වෛද්‍ය ප‍්‍රතිකාර සදහා යොමු කරන තෙක් රදවා තබාගැනීමට මෙම කාමරය යොදා ගත යුතු බවත් මිශ‍්‍ර පාසල්වල බාලක බාලිකාවන්ට වෙනම කාමර තිබිය යුතු බවත් අමාත්‍යංශය උපදෙස් දෙයි.

ගිලන් කාමරය මනාලෙස ආලෝකය හා වාතාශ‍්‍රය පවතින, අත් සේදීමේ පහසුකම් සබන් යනාදිය ඇති, ඇදක් බීමට සුදුසු ජලය හා ප‍්‍රථමාධාර පෙට්ටියක් මෙන්ම දොරක් හෝ අන්අයගෙන් වෙන් කිරීමේ තිරයක් සහිත කාමරයක් විය යුතු බව ද හැකි නම් එහි බද්ධ වැසිකිලි පහසුකම් සපුරාලිම වැදගත් බවත් කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමට පාසල් හා අධ්‍යාපන ආයතන සුදානම් කිරීම සදහා අධ්‍යාපන අමාත්‍යංශය මඟින් නිකුත් කරන ලද උපදෙස් සංග‍්‍රහයේ සදහන් වේ.

කෙසේ වෙතත් සිසුන් 50 ට අඩු පාසල්වලට ගිලන් ඇදන් එකක් ද, 50 සිට 500 දක්වා සිසුන් සිටින පාසල්වලට ගිලන් ඇදන් දෙකක් ද, 501 ට වඩා සිසුන් සිටින පාසල්වලට ගිලන් ඇදන් 3 ක් ද අවම වශයෙන් තිබිය යුතු බවද එහි සදහන් වේ.

සෑම පාසලකම ගිලන් කාමර දිනපතා දෙවරක් ද රෝගියෙකු රැදී සිට පිටව ගිය වහාම ද සෝදා හැරිය යුතු බවත් එහිදී විෂබීජ හරණය වන අන්දමින් පිරිසිදු කිරීමට වග බලාගත යුතු බවත් එම උපදෙස්වල සදහන් ව ඇත.

කල් තබා හදුනාගත් රෝගී තත්ත්වයන් සහිත අය ගිලන් කාමරයේ රදවන බැවින්  භාරකරුවන් හා සෞඛ්‍ය සේවක පිරිස් ආරක්ෂිත උපකරණ කට්ටල, අත්වැසුම් හා මුහුණු ආවරණ සහිතව පමණක් එම කාමරයට ඇතුල් විය යුතු යැයි ද එහි වැඩිදුරටත් සදහන් වේ.

Related posts

බස්නාහිර පළාතේ විශේෂ වැටලීමෙන් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීමට අනුමැතිය

Mohamed Dilsad

කළුතර කොරෝනා අවධානම ඉහළට

Mohamed Dilsad

Leave a Comment