දේශීයප්‍රමුඛ පුවත 1

දිස්ත්‍රික්ක කිහිපයක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන්

(UTV |කොළඹ ) – මේ වන විට දිස්ත්‍රික් 10 කට අදාල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු අවසන් බව රජයේ මුද්‍රණාලය පවසයි.

ඒවායේ මුද්‍රණ කටයුතු අවසන් වුවද පොත් ලෙස සකස් කිරීම වැනි තවත් කාර්යයන් රැසක් සිදු කිරීමට නියමිත බව රජයේ මුද්‍රණාලයාධිපතිනී ගංගානි කල්පනා ලියනගේ මහත්මිය පවසයි.

එම කටයුතු සම්පූර්ණයෙන් අවසන් කිරීමට දින කිහිපයක් ගතවනු ඇත.

මේ අතර ඡන්ද දායකයන් විශාල පිරිසක් සිටින කොළඹ, කලුතර, ගම්පහ, වැනි  දිස්ත්‍රික්වලට අදාල ඡන්ද පත්‍රිකා මුද්‍රණය මෙතෙක් ආරම්භ කර නොමැති බවද රජයේ මුද්‍රණාලයාධිපතිනිය සඳහන් කළාය.

Related posts

පුපුරණ ද්‍රව්‍ය බෙදාහැරීම ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

Mohamed Dilsad

පිරිසක් හිමිනමකට වෙඩිතබා පළා යයි

Mohamed Dilsad

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ලොරි රථයක් පෙරළෙයි

Mohamed Dilsad

Leave a Comment