දේශීය

කොළඹට ජල කප්පාදුවක්

(UTV | කොළඹ ) – ලබන ඉරිදා (14 ) කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

14 වැනිදා පෙරවරු 9 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා කොළඹ 02,03,07,08 සහ 10 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය දැනුම් දෙයි.

තවද අදාළ කාලය තුළ කොළඹ 01 ප්‍රදේශයට ද අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට නියමිතයි.

කොළඹ නගර සංවර්ධන ව්‍යාපෘතියට අදාළව ජල නල පද්ධතිය වැඩිදියුණු කිරීම හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුව තිබේ.

Related posts

බන්ධනාගාර රැඳවියන්ගේ උපවාසය අවසන්

Mohamed Dilsad

ත්‍රිකුණාමලයේ ජනතාව ආරක්‍ෂිත ස්ථාන කරා

Mohamed Dilsad

වෛද්‍ය උපකරණ තොගයක් චීන රජයෙන් ලංකාවට

Mohamed Dilsad

Leave a Comment