දේශීය

මත්කුඩු සැකකරුවන් ළඟ බන්ධනාගාරයේ ශීතකරණයක්

(UTV |කොළඹ) – මීගමුව බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මත්කුඩු සැකකරුවන් දෙදෙනෙකු සුඛෝපභෝගී භාණ්ඩ පරිහරණය කරන බවට තොරතුරු වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (2) විමර්ශන ආරම්භ කර තිබේ.

ඊට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රංජන් ළමාහේවා මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එක්ව සිටී.

ඔස්ටින් නමැති මත් කුඩු සැකකරුවකු ශීතකරණයක් භාවිත කරන බවත් මත්කුඩු කිලෝග්‍රැම් 100ක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින ඉන්දීය ජාතිකයෙකු සතුව තිබූ මයික්‍රොවේව් උඳුනක් ද තිබූ බවත් පසුගියදා හෙළි විය.

Related posts

සෞඛ්‍ය වෘත්තීයවේදීන් අද සිට යළිත් වර්ජනයේ

Mohamed Dilsad

UPDATE : සිරිල් ගාමිණි පියතුමා CIDයෙන් කල් ඉල්ලයි

Mohamed Dilsad

කළුතර මහ රෝහලෙන් සායන සඳහා දුරකථන සේවාවක්

Mohamed Dilsad

Leave a Comment