දේශීය

හෙට කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්

(UTV |කොළඹ) – හෙට (14) කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

කොළඹ නගර සංවර්ධන ව්‍යාපෘතියට අදාළව ජල නල පද්ධතිය වැඩිදියුණු කිරීම හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුව තිබේ.

ඒ අනුව හෙට (14) පෙරවරු 9 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 15ක කාලයක් කොළඹ 02, 03, 07, 08 සහ 10 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය දැනුම් දෙයි.

මීට අමතරව අදාළ කාලය තුළ කොළඹ 01 ප්‍රදේශයට ද අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට නියමිතය.

 

Related posts

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව

Mohamed Dilsad

කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාරය කල තවත් 7 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

තවත් 475 දෙනෙකු සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment