දේශීය

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(UTV | කොළඹ ) – අද (14) හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශ කිහිපයක පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

අද පෙරවරු 09.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව කොළඹ 02,03,07,08 හා 10 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

කොළඹ 01 ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජල සැපයුම සිදුකෙරෙන බව ද ජාතික ජල සම්පාදන ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

Related posts

පාර්ලිමේන්තු කටයුතු ඇරඹෙයි

Mohamed Dilsad

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම නොවැම්බර් මස ශ්‍රී ලංකාවට

Editor O

නිරෝධායන නීති කඩමින් අත්අඩංගුවට පත්වූවන් 80,000 ට ආසන්නයි

Mohamed Dilsad

Leave a Comment