ක්‍රීඩා

නරඹන්නන් නොමැතිවීම තම කණ්ඩායමට වාසියක් – කොදෙව් පුහුණුකරු

(UTV| එංගලන්තය) – ලබන මස 8 වනදා ආරම්භ වීමට නියමිත එංගලන්තයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරඟමාලාවේදී නරඹන්නන් නොමැතිවීම තම කණ්ඩායමට වාසි දායක බව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පුහුණුකරු ෆිල් සිමන්ස් පවසයි.

එමගින් එංගලන්තයට නරඹන්නන්ගේ වාසිය නොලැබෙන බවයි පුහුණුකරුගේ මතය වන්නේ.

ටෙස්ට් තරඟ තුනකට සහභාගී වීම සඳහා එංගලන්තයට පැමිණ සිටින කොදෙව් කණ්ඩායම මේ වන විට පුහුණු සැසිවාරයකට සහභාගී වී සිටින අතර , හුදෙකලා කලාපයක නිරෝධායන සීමා යටතේ ඔවුන් පුහුණුවීම් සිදුකරනු ලබයි.

මීට අමතරව , සමාජ මාධ්‍ය ඔස්සේ ක්‍රීඩකයින් වෙත බුකීකරුවන් ළඟාවීමේ අවධානම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නැවත අනතුරු අඟවා තිබේ.

සාමාජික රටවල ක්‍රිකට් පාලක මණ්ඩල වෙත ලිපියක් යොමු කරමින් ක්‍රිකට් කවුන්සිලය පවසන්නේ පසුගිය කාලසීමවේ එවැනි ප්‍රයත්න වැඩි වී ඇති බවයි.

Related posts

ටෝකියෝ ඔලිම්පික් ඉතා සරළ මට්ටමින්

Mohamed Dilsad

කාන්තා මීටර් 5000 ඉසව්ව ශ්‍රී ලංකාව රනින් සරසයි

Mohamed Dilsad

මහින්දානන්දගෙන් ප්‍රශ්න කරන්න පොලිසිය එයි

Mohamed Dilsad

Leave a Comment