දේශීය

හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

(UTV | කොළඹ ) – මීගමුව පොලිස් වසමේ කටුනායක කුරණ ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් විසින් හෙරොයින් කිලෝ ග්‍රෑම් 6 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (15) රාත්‍රී 9.40 ට පමණ එම නිලධාරීන් ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.

එහිදී හෙරොයින් කිලෝ 6 යි ග්‍රෑම් 137 ක් සමඟ වයස අවුරුදු 45 ක කටුනායක ප්‍රදේශයේ පදිංචි එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන පවත්වයි.

Related posts

‘බංකොලොත් ආණ්ඩුවකට කළ හැකි දේ සීමාසහිත බව පිළිගන්නවා’

Mohamed Dilsad

ගතවූ සතියේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලට ගිය අයට විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

ජනාධිපති අරමුදලේ ගෙවීම් පිළිබඳ හිටපු ජනාධිපති රනිල්ගෙන් පැහැදිලි කිරීමක්

Editor O

Leave a Comment