දේශීය

කාර්මික විද්‍යාල හා වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන විවෘත කෙරේ

(UTV | කොළඹ ) – කම්කරු අමාත්‍යාංශය විසින් ලබන මස 06 වැනි දා සිට කාර්මික විද්‍යාල, වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන හා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය යළි විවෘත කිරීමට තීරණය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශවලට යටත්ව මෙලෙස කාර්මික විද්‍යාල විවෘත කිරීමට නියමිතව ඇත.

දැනට කාර්මික විද්‍යාල 39 ක් ක්‍රියාත්මක වේ.

මෙම සමස්ත ආයතනවල 110,000 කට අධික සිසුන් පිරිසක් ඉගෙනුම ලබන බව ලේකම්වරයා පැවසුවේය.

Related posts

අදත් ශ්‍රී ලාංකිකයන් 307 දෙනෙකු දිවයිනට

Mohamed Dilsad

සෞඛ්‍ය නීති කඩකළ 2494 දෙනෙක්ට අවවාද

Mohamed Dilsad

චීනයෙන් ශ්‍රී ලංකාවට තවත් උදව්වක්

Mohamed Dilsad

Leave a Comment