දේශීය

සෙනසුරාදා දිනවලදී තැපැල් කාර්යාල යළිත් විවෘතයි

(UTV | කොළඹ) – සෙනසුරාදා දිනවල තැපැල් කාර්යාල යළි විවෘත කිරීමට තීරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශකර සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

තැපැල් වෘත්තිය සමිති නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව එම තීරණයට එළැඹ ඇත.

තැපැල් කාර්යාල සෙනසුරාදා දිනයේදී වසා තැබීමට තැපැල්පතිවරයා මීට පෙර උපදෙස් දී තිබුණි.

රජයේ වියදම් ඉතිරි කර ගැනීමේ අරමුණින් අදාළ තීරණය ගනු ලැබූ අතර , ඊට විරෝධය පළකරමින් තැපැල් සංගම් වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ විය.

සෙනසුරාදාට තැපැල් කාර්යාල විවෘත කෙරෙන්නේ එදිනට හිමිවන සේවක දීමනාව හා අතිකාල දීමනාව යම් ප්‍රමාණයකින් අවම කිරීමේ එකඟතාව මත බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කළේය.

Related posts

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර සාකච්ඡා ඇරඹේ

Editor O

ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවට පක්ෂ 11ක නායකයින්

Mohamed Dilsad

ජපානයෙන් මෙරටට ආධාර

Mohamed Dilsad

Leave a Comment