විදෙස්

ජපානයේ සියලුම සංචරණ සීමා ඉවත් කෙරේ

(UTV| කොවිඩ් 19) –  කොවිඩ් 19 වසංගතය හමුවේ ජපානය තුළ පණවා තිබූ සියලුම සංචරණ සීමා ඉවත් කිරීමට එරට රජය තීරණය කර ඇත.

ඒ අනුව ස්ථාන නැරඹීමට , ප්‍රසංග සඳහා සහභාගීවීමට සහ අනෙකුත් විනෝදාස්වාදය පදනම් කරගත් ඉසව් සඳහා අවසර හිමිවන බව එරට අග්‍රාමාත්‍ය ෂිංසෝ අබේ මහතා නිවේදනය කළේය.

කෙසේවෙතත් එක් වරකදී ඒ සඳහා සහභාගී කරවාගත හැකිවනුයේ උපරිම 1000 ක පිරිසක් පමණයි.

මේ වන විට ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ද 8570,000 ඉක්මවා තිබේ.

කොරෝනා මරණ 455, 578 ක් ද මේ වනවිට වාර්තා වන අතර , සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4509,200 ක් ලෙස වාර්තා වෙයි.

Related posts

කමල් හසන්ගේ නව දේශපාලන පක්ෂය එළිදකී

Mohamed Dilsad

තායිවාන ගුවන් අනතුරෙන් හමුදා ප්‍රධානියා ඇතුළු 8ක් ජිවිතක්ෂයට

Mohamed Dilsad

ඇමරිකාවට බලපා ඇති අධික හිම පතනයෙන් ගුවන් ගමන් රැසක් අවලංගුයි..

Mohamed Dilsad

Leave a Comment