දේශීය

දිස්ත්‍රික්ක රැසක ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන්

(UTV | කොළඹ ) – මේ වන විට මහ මැතිවරණයට අදාළ දිස්ත්‍රික්ක 18ක ජන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් බව රජයේ මුද්‍රණාලාධිපතිණි ගංගානි කල්පනා ලියනගේ පවසයි.

තවද දිස්ත්‍රික්ක 11 ක ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසම වෙත භාර දි ඇති බවද ඇය සඳහන් කළාය.

ඒ අනුව මැතිවරණ කොමිසම විසින් ඡන්ද පත්‍රිකා අදාළ දිස්ත්‍රික්ක වෙත බෙදා හැරිමට කටයුතු කරනු ඇති බව මුද්‍රණාලාධිපතිණිය සඳහන් කළේය.

එමෙන්ම ගෘහ දැන්වීම් පත්‍රිකා එළඹෙන 25 වනදාට ප්‍රථම මුද්‍රණය කර අවසන් කිරිමට කටයුතු කරන බවද ගංගානි කල්පනා ලියනගේ පැවසුවාය.

Related posts

සාමාන්‍ය පෙළ අයදුම්පත් භාරගැනීම අදින් අවසන්

Mohamed Dilsad

පෞද්ගලික බස් හිමියන්ගෙන් පොදු ප්‍රවාහනය ගැන වර්ණ සැලැස්මක්

Mohamed Dilsad

මාලිමාවේ ස්ටිකර් සහිත වාහනයකින්, එළුවන් ගවයන් ප්‍රවාහනය කිරීමේ ජාවාරමක්

Editor O

Leave a Comment