දේශීය

මහින්දානන්දට එරෙහි නඩුව කල් යයි

(UTV | කොළඹ ) – කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි විසින් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය අගෝස්තු මස 19 වන දා තෙක් කල් තැබීමට නියෝග කර තිබේ.

එම නඩුව කැඳ වූ අවස්ථාවේදී පැමිණිල්ල මෙහෙයවන රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් තමන්ට අංක 03 මහාධිකරණයේ වෙනත් නඩුවක ට පෙනී සිටීමට නියමිතව තිබෙන හෙයින් මෙම නඩුවේ සාක්ෂි විභාගය වෙනත් දිනයකට කල් දමන ලෙස ඉල්ලා ඇත.

නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ඒ අනුව අගෝස්තු මස 19 වන දා තෙක් කල් තැබීමට මහාධිකරණ විනිසුරුවරයා තීන්දු කළේය.

Related posts

සිසුවෙක්ට වේවැලෙන් පහරදුන් සහ පහරදීමට අනුබල දුන් ටියුෂන් ගුරා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ

Editor O

සහල් නැව එයි.

Editor O

රනිල්ගේ පාර්ශ්වය පොහොට්ටුව සමග දිගටම සාකච්ඡා

Editor O

Leave a Comment