දේශීය

උසස්වීම් ඉල්ලා පොලිස් සැරයන්වරු පිරිසක් අභියාචනාධිකරණයට

(UTV | කොළඹ ) – පොලිස් සැරයන්වරු 366 දෙනෙකු විසින් වසර තිහක් සේවා කාලය සපුරා ඇති තමන්ව උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා වෙත රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.

වැඩබලන පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

මේ වන විට වසර 30 සේවා කාලය සපුරා සිටින තමන් වයස අවුරුදු 50 ඉක්මවා සිටින පූද්ගලයන් බව පෙත්සම්කරුවන් සඳහන් කරයි.

වැඩබලන පොලිස්පතිවරයා විසින් 2019 වසරේ මැයි මස 09 වනදා නිකුත් කළ චක්‍රලේඛයක් මඟින් 2018 වසරේ දෙසැම්බර් මස 31 වනදාට වසර 12 ක් සේවා කාලය සපුරා ඇති පොලිස් සැරයන්වරු උප පොලිස් පරීක්ෂක ධුරයට උසස් කරන ලෙස නියම කර තිබුණ ද තමන්ට එම උසස් වීම් නොලැබුණු බව පෙත්සම්කරුවන් සඳහන් කළේය.

ඊට එරෙහිව තමන් ජාතික පොලිස් කොමිසම සහ වැඩබලන පොලිස්පතිවරයා වෙත අභියාචනා ඉදිරිපත් කළ ද එම අභියාචනා ප්‍රතික්ෂේප කර ඇති බවත් ඔවුන් පවසයි.

පෙත්සම්කරුවන් විසින් මෙම තත්ත්වය හමුවේ තමන්ට සිදුවී ඇති අසාධාරණය සැලකිල්ලට ගෙන තමන්ව උප පොලිස් පරීක්ෂකධුරයට උසස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටී.

Related posts

පාස්කු ප්‍රහාරයේ සැකකරුවෙක්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

Mohamed Dilsad

කොරෝනා රෝගීන්ගෙන් සුවය ලැබූ සංඛ්‍යාව තවත් ඉහළට

Mohamed Dilsad

අද දිනයත් පැය 03ක විදුලි කප්පාදුව

Mohamed Dilsad

Leave a Comment