කලා

අලි ෆසල්ගේ මවගේ අභාවය හේතුවෙන් විවාහය කල් දමයි

(UTV | ඉන්දියාව) – පසුගිය අප්‍රේල් මස 20 වැනිදා විවාහ වීමට සූදානමින් සිටි බොලිවුඩ් නළුනිළි යුවළක් වූ අලී ෆසල් හා රිචා චඩ්ඩා දෙදෙනාගේ විවාහය තව දුරටත් දින නියමයක් නොමැතිව කල්ගතව ඇති බව බොලිවුඩ් ආරංචි මාර්ග පවසයි.

‘කොවිඩ් 19’ වසංගතය ඉන්දියාව පුරා ව්‍යාප්ත වීමත් සමග සිය විවාහය කල් දැමූ අලි හා රිචා දෙදෙනා නැවතත් මැයි මස අගදී සිය විවාහය පැවැත්වීමට සැළසුම් කර තිබුණි.

කෙසේ වෙතත්, මීට දින කිහිපයකට පෙර (ජුනි 17 වැනිදා) අලී ෆසල්ගේ මව හදිසියේම මියයාම හේතුවෙන් ඔවුන් දෙදෙනාගේ විවාහය යළිත් වරක් කල්ගතව තිබේ.

ෆසල් මෙන්ම සිය පෙම්වතිය වූ රිචාද මේ වනවිට සිය මවගේ ශෝකය සිය ‘ටිවිටර්’ ගිණුම් හරහා ප්‍රසිද්ධ කරමින් සිටින බවට තොරතුරු වාර්තා වේ.

Related posts

ඇඳිරි නීතිය අස්සේ ශනුද්‍රි ගාලු ගියේ කොහොමද

Mohamed Dilsad

ලෝක ප්‍රසිද්ධ Arrow, The Flash නළුවාටත් කොරෝනා

Mohamed Dilsad

ZERO රසිකයින් පුදුම කරවයි

Mohamed Dilsad

Leave a Comment