දේශීය

සූදු වෑන් මාධ්‍ය හමුවට අදාළ CID පරීක්ෂණ අවසන්

(UTV | කොළඹ ) – නීතිපති දෙපාර්තමේන්තුව විසින් ආන්දෝලනාත්මක සූදු වෑන් මාධ්‍ය හමුවට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන ලද විමර්ශන අවසන් වී ඇති බව අද (26) අධිකරණයට දැනුම් දුන්නේය.

නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මේ බව අධිකරණයට දන්වා තිබේ.

මීට අමතරව එම මාධ්‍ය හමුවට පෙනී සිටි මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින නඩුවේ 1 හා 2 සැකකරුවන් දෙදෙනා ද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කර තිබේ.

ඒ, ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් නොකිරීම හා ඔවුන් දැනට බන්ධනාගාරගතව සිටින බව කිසිදු නීතිඥවරයෙකු අධිකරණයට නොදැන්වීම හේතුවෙනි.

Related posts

බහාලුම් දහසක් වරායේ හිරවෙයි.

Editor O

කොළඹ අක්ෂි රෝහලේ සංකේත වැඩවර්ජනයක්

Mohamed Dilsad

දිස්ත්‍රික් 04 කට නායයාමේ අවදානම්

Mohamed Dilsad

Leave a Comment