දේශීය

සියලු පිරිවෙන්, විද්‍යායතන සහ සීල මාතා අධ්‍යාපන ආයතන ආරම්භය 29 සිට

(UTV | කොළඹ) – සියලු පිරිවෙන්, විද්‍යායතන සහ සීල මාතා අධ්‍යාපන ආයතන 29 වනදා සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.

කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් වසා තැබූ දිවයිනේ සියලු පිරිවෙන් හා සීල මාතා අධ්‍යාපන ආයතන පාසල් ආරම්භයට සමඟාමීව අදියර 04ක් යටතේ ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

ඒ අනුව පළමු අදියර යටතේ ජුනි මස 29 වන දින සිට ජුලි මස 03 වනදා දක්වා සියලු පිරිවෙන් ගුරුවරුන් සේවයට වාර්තා කළ යුතු අතර, අදාළ ග්‍රාම සේවා වසමේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නිර්දේශ සහිතව ආයතන පරිශ්‍රයන් තුළ විෂබීජ හරණ කටයුතු සිදුකර, ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට අවශ්‍ය ඉදිරි කටයුතු සැලසුම් කර ගතයුතුව ඇත.

දෙවැනි අදියර තුළ, ශිෂ්‍ය සංඛ්‍යාව 100 ට අඩු මූලික පිරිවෙන් මහා පිරිවෙන් සහ සීල මාතා අධ්‍යාපන ආයතනයන් හි ජුලි මස 06 වන දින සිට ඉගෙනුම් කටයුතු ආරම්භ කෙරේ.

එමෙන්ම ශිෂ්‍ය සංඛ්‍යාව 100 ට වඩා වැඩි මූලික පිරිවෙන් වල 04 සහ 05 වසර, මහා පිරිවෙන්වල 05 වසර, ප්‍රාචීන ප්‍රාරම්භ, ප්‍රාචීන මධ්‍යම, ප්‍රාචීන අවසාන ශ්‍රේණි සහ 13 වසර සඳහාත්, විද්‍යායතන පිරිවෙන් තුළ11 වසර සහ 13 වසර සඳහාත් ජුලි මස 06 වෙනි දින සිට ඉගෙනුම් කටයුතු ආරම්භ වනු ඇත.

තෙවැනි අදියර යටතේ ශිෂ්‍ය සංඛ්‍යාව 100 ට වැඩි මූලික පිරිවෙන් වල 1,2,3 වසර, මහා පිරිවෙන් වල 1,2,3  වසර සහ 12 ශ්‍රේණිය, විද්‍යායතන පිරිවෙන්වල 10 සහ 12 ශ්‍රේණිය ජුලි මස 20 වනදා සිට ඇරඹීමට කටයුතු කරනු ලැබේ.

මීට අමතරව සිව්වැනි අදියරේ දී ශිෂ්‍ය සංඛ්‍යාව 100 ට වැඩි විද්‍යායතන පිරිවෙන්වල 6, 7, 8, 9 ශ්‍රේණි වල ජුලි මස 27 වෙනි දින සිට ඉගෙනුම් කටයුතු ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලු පිරිවෙන්, විද්‍යායතන සහ සීල මාතා අධ්‍යාපන ආයතන වෙත මීට අදාළ චක්‍රලේඛ සහ උපදෙස් මේ වන විටත් යොමුකර ඇති අතර, දිස්ත්‍රික් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් නිසියාකාරව අනුගමනය කරමින් අදියරෙන්, අදියර අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස එම අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි.

Related posts

විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවා තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

තවත් නාවිකයන් පිරිසකට සුවයි

Mohamed Dilsad

“අතිබහුතරයක් ජනතාව ඉන්නෙ රාජපක්ෂවරුන්ගේ දේශපාලනය මේ රටට අවශ්‍යයි කියන ස්ථාවරයේ”

Mohamed Dilsad

Leave a Comment