දේශීයප්‍රමුඛ පුවත 1

තැපැල් ඡන්ද පත්‍රිකා අද තැපෑලට

(UTV |කොළඹ) – තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම සහ තැපෑලට බාරදීම අද (30)  දිනයේ ආරම්භ කෙරේ.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ හෙට (01) සහ අනිද්දා (02) දිනවලදී ද තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම සහ තැපෑලට බාරදීම සිදු කෙරෙන බවයි.

අගෝස්තු මස 05 වන දින පැවැත්විමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපෑලෙන් ඡන්දයදීමට පුද්ගලයින් හත් ලක්ෂ 53,037 දෙනෙකු ඉල්ලීම් කර තිබූ අතර ඉන් හත් ලක්ෂ 5,085 දෙනෙකු සුදුසුකම් ලබා තිබේ.

තැපැල් ඡන්ද අයදුම්පත් 47,430ක්  ප්‍රතික්ෂේප කර ඇති බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල, පොලීසිය, ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ හැර තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන මස 14 සහ 15 යන දිනයන්හිදී සිදුකිරීමට නියමිතය.

 

Related posts

ETI තැන්පත්කරුවන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්…

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

දෙවන බිත්තර තොගයේ සාම්පල පරීක්ෂා කිරීමට පියවර

Mohamed Dilsad

Leave a Comment