දේශීය

ETI තැන්පත්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම යළි කැඳවීමට දින තීන්දුයි

(UTV| කොළඹ) – ETI තැන්පත්කරුවන් විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සැප්තැම්බර් 25 වනදා යළි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද (30) නියෝග කළේය.

ETI සමාගම සතු වත්කම් අත්පත් කරගනිමින් මුදල් අහිමි වූ තැන්පත්කරුවන්ගෙන් තැන්පත් මුදල් ආපසු ගෙවන වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ශ්‍රී ලංකා මහබැංකුවට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එම සංගමය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එල්.ටී.බි. දෙහිදෙණිය සහ එස්. තුරෙයි රාජා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද මෙම පෙත්සම සලකා බලනු ලැබීය.

Related posts

තදබදය අවසන් කිරීමට අමතර දුම්රිය හා බස්රථ සේවාවක්

Mohamed Dilsad

අද දවසේ තවත් කොවිඩ් ආසාදිතයන් 350 ක්

Mohamed Dilsad

ගුරුමාරු මණ්ඩලය විසුරුවා හැරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment