දේශීය

ඇවන්ගාඩ් නඩුවේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරයි

(UTV | කොළඹ) – පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධියට අදාළව ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 08 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුවේ ඇතැම් චෝදනා ගොනුකර ඇති ආකාරය නීතිවිරෝධී බව සඳහන් කරමින් විත්තිය විසින් මතුකළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කර තිබේ.

ධම්මික ගනේපොල ආදිත්‍ය පටබැඳිගේ සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබීය.

ඒ අනුව නඩුවේ සාක්ෂි විභාගය සැප්තැම්බර් මස 02 වනදා ආරම්භ කරන බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළේය.

කෙසේ වෙතත් නඩුවේ ඉදිරි කටයුතු සලකා බැලීම සඳහා ජුලි මස 30 වනදා එය යළි කැඳවන ලෙස ද විනිසුරු මඩුල්ල නියම කළේය.

Related posts

මහල් 8ක ගොඩනැගිල්ලකින් ඇදවැටී තරුණයෙක‍් මරුට

Mohamed Dilsad

දමිතා නිදහස් කරන්නැයි විපක්ෂ නායක ඉල්ලයි

Mohamed Dilsad

අභියෝග ජයගනිමින් සංචාරක ක්ෂේත්‍රය නව ගමනකට යොමු කරන්න සූදානම් වෙන්න

Mohamed Dilsad

Leave a Comment