දේශීය

රටවල් 03 ක සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

(UTV | කොළඹ ) – ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රටවල් 03 ක රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 91 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

අද (02) අලූයම 1.45 ට කටාර් රාජ්‍යයේ දෝහා නුවර සිට ලාංකිකයන් 21 දෙනෙකු පැමිණියේ කටාර් ගුවන් සේවයට අයත් යානයකිනුයි.

අලූයම 3.10 ට අබුඩාබි නුවර සිට එක් ගුවන් මගියෙකු පැමිණියේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකිනි.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 102 දරන විශේෂ ගුවන් යානය අද පෙරවරු 9.45 ට මාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 61 දෙනෙකු රැගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ සිව් වැනි ගුවන් යානය වූයේ මාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 08 දෙනෙකු රැගෙන පෙරවරු 10.45 ට මාලදිවයින් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයයි.

මෙම ගුවන් මගීන් සියලූ දෙනාම කටුනායක ගුවන් තොටුපළ තුළ දී පී.සී.ආර්.පරීක්ෂණ සදහා භාජනය කර තිබේ.

Related posts

අයහපත් කාලගුණයෙන් කොටුවී සිටින ජනතාව මුදා ගැනීමට ඉන්දියානු හෙළිකොප්ටර් යානා

Editor O

දකුණු අප්‍රිකානු ජනපතිට ලංකාවේ දී ලැබුණු උපන් දින සාදය (VIDEO)

Mohamed Dilsad

අත්‍යවශ්‍ය සේවා සඳහා යන පුද්ගලයින්ට රාජකාරි හැඳුනුම්පතට අමතරව ආයතනයේ ලිපිය අවශ්‍යයි

Mohamed Dilsad

Leave a Comment