දේශීය

ගඟට වැටුණු පොලිස් නිලධාරියෙකු කිඹුලෙකු ඩැහැගෙන යයි

(UTV | නාදුගල) – නාදුගල ප්‍රදේශයේදී නිල්වලා ගඟට වැටුණු පොලිස් නිලධාරියෙක් කිඹුලෙකු ඩැහැගෙන ගොස් ඇති බවට තොරතුරු වර්තා වෙයි.

ඊයේ දිනයේ ඔහුගේ ජංගම දුරකථනය ගඟට වැටීමත් සමඟ ඔහු එය ගොඩට ගැනීමට උත්සහ කර තිබෙන අතර එම අවස්ථාවේ දී මෙම අනතුර සිදුව තිබේ.

එහිදී ඔහු ගඟට ඇදවැටී ඇති අතර අවට ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර ඇත්තේ එම අවස්ථාවේ කිඹුලෙකු විසින් එම පොලිස් නිලධාරියාව ඩැහැගෙන ගිය බවයි.

මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණපා ඇත්තේ කොම්පඥවීදිය පොලිසියට අනුයුක්තව සේවය කළ නිලධාරියෙකු බවට තොරතුරු අනාවරණ වී තිබෙන අතර ,
ඔහුගේ සිරුර සොයා නාවික හමුදාව මේ වනවිට මෙහෙයුමක් ආරම්භ කර ඇත.

Related posts

රැකියා අහිමිවූ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට සුබ ආරංචියක්

Mohamed Dilsad

රෝහිතගේ බෑනා රිමාන්ඩ් : ජගත්ගේ පුතාට ඇප

Editor O

අද රාත්‍රියේ ඡායා චන්ද්‍රගහණයක් දිස්වෙයි

Mohamed Dilsad

Leave a Comment