ක්‍රීඩාදේශීය

මහේල ජයවර්ධන විශේෂ විමර්ශන ඒකකයට පැමිණෙයි

(UTV | කොළඹ) – 2011 ලෝක කුසලාන අවසන් තරගයේදී පාවාදීමක් සිදුවු බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් සිදු කළ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයෙකු වන මහේල ජයවර්ධන ක්‍රී‍්‍රඩා වැරදි සම්බන්ධ විමර්ශනය ඒකකයට අද පෙරවරුවේ පැමිණ සිටියේය.

කෙසේ වෙතත් මහේල ජයවර්ධන මහතාගෙන් අද ප්‍රකාශයක් ලබානොගන්නා බව ක්‍රීඩා වැරදි පිළිබඳ විශේෂ විමර්ශන ඒකකය පවසයි.

මහේල පවසන්නේ අද දිනයේ නොපැමිණෙන ලෙස තමා දැනුවත් කර නොතිබූ නිසා විශේෂ විමර්ශන ඒකකය වෙත පැමිණි බවයි.

වෙනත් කටයුත්තක් යෙදී තිබීම හේතුවෙන් ඉදිරි දිනක ඔහු කැඳවන බව විමර්ශන ඒකකය සඳහන් කරයි.

Related posts

තවත් කොරෝනා ආසාදිතයින් 171 ක් සුව අතට

Mohamed Dilsad

කාර්යාල දුම්රිය 19 ක් අද සිට

Mohamed Dilsad

විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් විශේෂ ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment