දේශීය

කෝටි 10කට අධික මුදල් වංචා කළ සැකකරුවන් අත්අඩංගුවට

(UTV | කොළඹ ) – විශේෂ මෙහෙයුමේදී බස්නාහිර පළාතේ වංචා විමර්ශන කාර්යංශයන් වෙත ලද මූල්‍ය වංචා පැමිණිලිවලට අදාලව මෙතෙක් අත්අඩංගුවට ගත නොහැකිව පොලිසිය මගහරිමින් සිටි සැකකරුවන් 57 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

කාන්තාවන් 09 ක් සහ පිරිමින් 48 ක් මෙම සැකකරුවන් අතර සිටින බවට වාර්තා වේ.

ඔවුන් මුදල් වංචා කිරීම් , මුදල් විශ්වාසය කඩ කිරීම් , කූට ලේඛණ සකස් කිරීම් , බහු විවාහ සිදුකර ගැනීම් වැනි අපරාධ 70 කට සම්බන්ධ බව අනාවරණය වී තිබේ.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම හේතුවෙන් විසදුනු අපරාධවල සම්පූර්ණ මූල්‍ය වටිනාකම රු.108,470,356.00 කි.

මෙම සැකකරුවන්ට අමතරව පොලිසිය මග හැරි වරෙන්තුකරුවන් 13 ක් ද මෙම මෙහෙයුමේදී වංචා විමර්ශන කාර්යංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සියළු සැකකරුවන් අදාල අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

හෙට සිට බස් නැතිවෙන ලකුණු

Mohamed Dilsad

බස් වර්ජනය තාවකාලිකව නතර කරයි

Mohamed Dilsad

ඝාතන නඩුවෙන් පිල්ලෙයාන් ඇතුළු 05 දෙනෙක් නිදහස්

Mohamed Dilsad

Leave a Comment