දේශීය

යාමට නොහැකිවූ දුම්රිය ගමන් සඳහා යළි ටිකට් පත්

(UTV| කොළඹ) –  කොරෝනා වසංගතය පැතිරයාම හේතුවෙන් ධාවනය නොවූ දුම්රියන් සඳහා බලපත්‍ර හෝ මුදල් මත ආසන වෙන්කරවා ගත් ප්‍රවේශපත්‍ර සම්බන්ධයෙන් යළි ප්‍රවේශ පත්‍ර ලබාදීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

ඒ අනුව මේ වසරේ දෙසැම්බර් 31 වැනිදාට පෙර අදාල ටිකට්පත් වෙනුවෙන් අලුත් දින වෙන්කරවා ගතයුතුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දුම්රිය බලපත් මත නිකුත් කර ඇති නේකල ආසන ප්‍රවේශපත්‍ර ගාස්තු අයකිරීමකින් තොරව නව ආසන වෙන්කිරීමක් සහති ප්‍රවේශපත්‍ර නිකුත් කරනු ඇති අතර, මුදල් සඳහා නිකුත් කර ඇති වෙන්කළ ආසන ප්‍රවේශපත්‍ර වෙනුවෙන් එම ප්‍රවේශපත්‍රයේ වටිනාකමට සමාන හෝ ඊට වැඩි දුම්රිය ගමනක් සඳහා මගීන්ගේ ඉල්ලීම පරිදි වෙක්ල ආසන ප්‍රවේශපත්‍රයක් ලබා දෙනු ඇති බවත් මෙහි දී ගාස්තුවෙහි වෙනසක් ඇත්නම් මගියා එම හිඟ මුදල පියවනු ඇති බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

මෙම පහසුකම් ලබා ගැනීමට මුල ප්‍රවේශපත්‍රයේ සඳහන් මගීන්ම හිලව් ගමන සඳහා ද සහභාගි විය යුතුය.

ඉහත අවස්ථා ප්‍රයෝජනයට නොගන්නා යම් මගියෙකු වේනම් මිලදී ගත් ප්‍රවේශපත්‍ර සඳහා ගාස්තු ආපසු ලබාගැනීමට අදාල දුම්රිය ස්ථාන වෙත නියමිත ආකෘතිය අනුව ඉල්ලීමක් කළ යුතු බව ද දුම්රිය දෙපාර්ත්මේන්තුව පවසයි.

Related posts

මැතිවරණ දිනය අභියෝගයට ලක් කළ පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කෙරේ

Mohamed Dilsad

ඩයනාට එරෙහි පෙත්සම විභාගයට දින නියම කෙරේ

Mohamed Dilsad

හජ් උත්සවය වෙනුවෙන් මුස්ලිම් පාසල් නිවාඩු දෙන දිනයන් මෙන්න

Editor O

Leave a Comment