ක්‍රීඩා

ඌව විස්සයි විස්ස ප‍්‍රිමියර් ලීග් තරඟයක් මවා පා මුදල් සෙවීමේ ජාවාරමක්[PHOTO]

(UTV |ඉන්දියාව) – ශ්‍රී ලංකාවේ ඌව විස්සයි විස්ස ප‍්‍රිමියර් ලීග් තරගාවලියක් පවත්වන බවට ප‍්‍රසිද්ධ කරමින් ඉන්දියාවේ ඔට්ටු තබන බුකීකරුවන් පිරිසක් හඳුනා ගෙන තිබේ.

ඒ ඉන්දියාවේ මොහාලි පොලිසිය විසිනි.

පසුගිය 29 වැනිදා සිට මෙම තරගාවලිය බදුල්ලේදී පැවැත්වෙන බවට මෙම බුකීකරුවන් ප්‍රසිද්ධ කරමින් පන්ජාබ් ප‍්‍රාන්තයේ අධිවේගී මාර්ග ආසන්නයේ පිහිටි චන්දිගාර් නගරයට කි.මී. 16 ක් පමණ දුරින් පිහිටි ගම්මානයක මෙම තරගය පවත්වා තිබේ.

නමුත් ඊට කිසිදු ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයකුද සහභාගි නොවී තිබු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

කොරෝනා වසංගතය හේතුවෙන් ක‍්‍රීඩකයන් මුහුණු ආවරණ පැළඳ ක‍්‍රීඩා කිරීම නිසා  කී‍්‍රඩකයන් හඳුනා ගැනීමට අපහසුවී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ. නමුත් ශ‍්‍රී ලංකාවේ බදුල්ලේ පවත්වන බව සඳහන් කරමින් මෙම තරගය ඉන්දියාවේ පැවැත්වීමට කටයුතු යොදා ඇත්තේ බුකීකරුවන් විසින් ඔට්ටු ඇල්ලීම සඳහා බව පසුව අනාවරණය වී ඇත.

මේ අනුව වැටලීමක් සිදුකර අට දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඉන්දියාවේ මොහාලි පොලිසිය සමත් විය. ඊට සම්බන්ධ තවත් හය දෙනකු අත්අඩංගුවට ගැනීමට ඔවුන් මෙහෙයුමක් දියත් කර තිබේ.

මෙම තරගයට පන්ජාබයේ සාමාන්‍ය ක‍්‍රීඩකයන් පිරිසක් සහභාගි වී පවත්වා ඇති බවද පසුව අන්නවරණය කෙරුණි.

ඌව විස්යි විස්ස ප‍්‍රිමියර් ලීග් නමින් ප‍්‍රචාරය කළ මෙම තරගාවලියේ කණ්ඩායම් හතරේ නායකයන් වශයෙන් තිලකරත්න ඩිල්ෂාන්, ෆර්විස් මහරුෆ්. අජන්ත මෙන්ඩිස් සහ තිලාන් තුෂාර නම් කර තිබුණි. නමුත් එම කිසිම ක‍්‍රීඩකයකුට එවැනි තරගාවලියකට ආරාධානයක් ලැබී තිබුනේ නැත.

‘‘අපි දන්නෙත් නෑ. මේක ඇත්තටම අපේ නම් වලටත් හරි නෑ. මේ ගැන පැමිණිලි කරන්න ඕන. අපි නොදැනුවත්ත කරන මේ වැඩ ඇත්තටම කැත වැඩක්.’’ යනුවෙන් එක් කණ්ඩායමකට නායකයා වශයෙන් නම් කර තිබූ අජන්ත මෙන්ඩිස් පැවසීය.

ලොව පුරා ප‍්‍රසිද්ධ මාධ්‍ය ජාලා කිහිපයකම මෙම තරගාවලිය පැවැත්වෙන බව වාර්තා කර තිබු අතර එහිදී තරගය යු ටියුබ් සහ ෆේස් බුක් ඔස්සේ සජීවීව නැරඹිය හැකි බවද ප‍්‍රචාරය කර තිබුණි. ඒ අනූව ඉකුත් 29 වැනිදා තරගය ප‍්‍රචාරය කරමින් බුකීකරුවන් විසින් ව්‍යාජ මුදල් ඉපයීමේ කර්තව්‍යයක නියැලී තිබේ. තරගාවලියේ අනුග‍්‍රාහකයන් වශයෙන් මෙරට ප‍්‍රධාන වෙළෙඳ සමාගම් කිහිපයක්ම නම් කර තිබුණද එම සමාගම්ද අදාළ තරගාවලිය් සම්බන්ධව කිසිවක් නොදන්නා බව කළ සොයා බැලීමකදී අනාවරණය විය.

Related posts

ඉන්දිය කොදෙව් පිලට ලකුණු 25 ක ජයක්

Mohamed Dilsad

එංගලන්ත තරඟයට ඇති සුදානම ගැන නායක චන්දිමාල් කියන දේ

Mohamed Dilsad

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙකුට 6 වසරක තරග තහනමක්

Mohamed Dilsad

Leave a Comment