විදෙස්

ඉඩාහෝහි ගුවන් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් 8 ක් මරුට

(UTV | ඉඩාහෝහි) –  ඉඩාහෝහි ගුවන් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 08 දෙනෙක් මිය ගොස් ඇස් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගුවන් යානා දෙක ගැටීමෙන් පසු ඉඩාහෝහි කොයුර් ඩී ඇලීන් ප්‍රාදේශයේ විලකට වැටී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලදී මළ සිරුරු දෙකක් සොයාගෙන තිබෙන අතර , ගුවන් යානා දෙකෙහි මගීන් අට දෙනෙකු සහ කාර්ය මණ්ඩලය සිට ඇති බව මූලික වාර්තා වලදී අනාවරණය වී තිබේ.

මියගිය අය අතර වැඩිහිටියන් හා ළමුන් ද සිට ඇති අතර අනතුරින් දිවි ගලවා ගත් අය නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මෙම ගුවන් අනතුරට හේතුව විමර්ශකයින් විසින් මෙතෙක් තහවුරු කර නොමැති අතර වැවට කඩා වැටීමෙන් පසු ගුවන් යානා අඩි 127 ක ජලයේ ගිලී ඇත.

ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය සහ ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වනු ලබයි.

Related posts

චීනය සමඟ ඇමෙරිකාව වෙළඳ සබඳතා ඇරඹීමට සුදානම්

Mohamed Dilsad

මුල් දින 100 තුළ අනිවාර්යයෙන් මුව ආවරණ පළඳින ලෙස බයිඩ්න්ගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

නව තමිල්නාඩු මහඇමතිනිය හෙට දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment