දේශීය

විමල්ට එරෙහි නඩුව විභාගයට දින නියම වෙයි

(UTV | කොළඹ ) – කොළඹ මහාධිකරණය විසින් අද (08) අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව ගොනුකර තිබෙන නඩුව නොවැම්බර් මස 26 වන දා විභාගයට ගැනීමට නියම කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි ඉදිරියේ අද මෙම නඩුව කැඳවනු ලැබීය.

එහිදී දෙපාර්ශවයේ නීතිඥවරුන්ගේ එකඟතාවය මත මෙම නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර් මස 26 වන දා ආරම්භ කිරීමට මහාධිකරණ විනිසුරුවරයා දින නියම කළේය.

එදින සාක්ෂි දීම සඳහා සාක්ෂිකරුවන් වෙත සිතාසි නිකුත් කරන ලෙසද විනිසුරුවරයා විසින් නියෝග කළ බවට වාර්තා වේ.

2010 වසරේ ජනවාරි මස 01 වන දා සිට 2014 වසරේ දෙසැම්බර් මස 31 වන දා දක්වා කාල සීමාව තුළ සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 75ක ට ආසන්න වත්කම් සහ මුදල් උපයා ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ඉකුත් යහපාලන රජය සමයේ අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව මෙම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබුණි.

Related posts

දරුවන්ට අහිමිව ගිය සියලු අපේක්ෂා වඩාත් සුරක්ෂිතව ළඟා කරදීම රජයේ ප්‍රමුඛ කාර්යයක්

Mohamed Dilsad

නරේන්ද්‍ර මෝදි මාර්තු මස ලංකාවට

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන එකවර ඉහළට

Mohamed Dilsad

Leave a Comment