(UTV | යාපනය) – හිටපු ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනිගේ ජන්මදිනය නිමිති කරගෙන යාපනය ප්‍රදේශයේ සිටින ඔහුගේ රසිකයන් කිහිපදෙනෙක් එකතු වී සැමරුම් වැඩසටහන් රැසක් ඊයේ (07) දිනයේ සංවිධානය කර ඇත.
ඊයේ දිනයට යෙදී තිබුණේ මහේන්ද්‍ර සිං දෝනිගේ 39 වන ජන්ම දිනයයි.
දෝනිගේ රසිකයන් දෝනිගේ රුව සහිත ඇදුම් සහ ඔහුගේ අනුරූ සකස් කරමින් ජන්මදින සැමරුම සංවිධානය කර තිබුණි.
ඊට සමගාමීව ලේ දන්දීමේ වැඩසටහනක් සහ කයිතඩි විශේෂ අවශ්‍යතා පාසල් දරුවන් වෙනුවෙන්ද දහවල් ආහාර වේලක් ලබාදීමද සිදුකරනු ලැබීය.