විදෙස්

සිංගප්පූරු මහ මැතිවරණය අදයි

(UTV | සිංගප්පූරුව) –  සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සිංගප්පූරු මහ මැතිවරණය අද (10) ආරම්භ කරනු ලැබීය.  

ඒ අනුව මිලියන 2.65 ක් වන සිංගප්පූරු ඡන්ද දායකයන් මුව ආවරණ සහ අත්වැසුම් පැළඳ ඡන්දය සලකුණු කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණෙනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන්ට විනාඩි 5 ක කාලක් තුළ ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදී ඇති අතර, ස්වයං පරීක්ෂාවට ලක් කෙරෙන හැඳුනුම්පත් ලබාදී තිබේ.

කොවිඩ් 19 ගෝලීය වසංගතය හමුවේ දකුණු කොරියානු පාර්ලිමේන්තු මැතිවරණය පසුගිය අප්‍රේල් මාසයේ පැවැත්වීමෙන් පසු ආසියාකරයේ පැවැත්වෙන දෙවන මැතිවරණය මෙයයි.

සිංගප්පූරුවේ කොවිඩ් 19 ආසාදිතයන් 45,000කට වැඩි සංඛ්‍යාවක් සිටිය ද මරණ සංඛ්‍යාව 26 ක් පමණක් වන අතර එය ලොව අඩුම කොවිඩ් නයින්ටීන් මරණ අනුපාතය ලෙස සැලකෙයි.

Related posts

ඉලොන් මාස්ක් ට ඇමරිකානු ජනාධිපති අපේක්ෂකයෙක්ගෙන් පොරොන්දුවක්

Editor O

ලොවපුරා කොරෝනා ආසාදිතයින් ගණන කෝටිය ඉක්මවයි

Mohamed Dilsad

ක්‍රීඩා මධ්‍යස්ථානයක ගින්නකින් 29 දෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment