දේශීය

කංජිපානි ඉම්රාන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

(UTV| කොළඹ) –  සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන් අද (13) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම්ක් ගොනු කළේය.

ඒ , තමන්ට පාතාලයෙන් හා බන්ධනාගාර තුලින් ජීවිත තර්ජන පවතින බවත් , දැනට තමන් රදවා සිටින බූස්ස බන්ධනාගාරය තුලද එවැනි තර්ජන ඇති හෙයින්  ජීවිත සුරක්ෂිතතාවය ඇති වෙනත් බන්ධනාගාරයකට මාරු කර යවන්නැයි ඉල්ලමින්.

නීතිඥ කේ.ධනුක ලක්මාල් මහතා මාර්ගයෙන් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය, බූස්ස බන්ධනාගාර අධිකාරිවරයා , අධිකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා , නීතිපති ඇතුළු නම දෙනෙකු නම් කරනු ලැබ සිටිති.

Related posts

සොයිසාපුර වෙඩි තැබිමට සම්බන්ධ තවත් අයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

තැපැල් දෙපාර්තමේන්තුව හරහා සතොස භාණ්ඩ බෙදා හැරීමට පියවර

Mohamed Dilsad

ඇමති නාමල් රාජපක්ෂ ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

Leave a Comment