දේශීය

පොලිස් නිලධාරීන් යට කර පලා ගිය ටිපර් රියදුරු අත්අඩංගුවට

(UTV | හක්මන) – හක්මන කෝංගල දී පොලිස් නිලධාරීන් දෙදෙනකු යට කර පලා ගිය ටිපර් රථයේ රියදුරා කට්ටකඩුව ප්‍රදේශයේ දී අද (14) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ටිපර් රථය ද හුංගම පොලිස් වසමේ කට්ටකඩුව ප්‍රදේශයේ සඟවා තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබේ.

සැකකාර රියැදුරා හුංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ටිපර් රථයට යට වීමෙන්  වලස්මුල්ල වාව්ව ප්‍රදේශයේ පොලිස් නිලධාරියකු මියගිය අතර තවත් පොලිස් නිලධාරියකු බරපතල තුවාල ලබා මාතර මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටී.

Related posts

සංවර්ධන ව්‍යාපෘති සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 369ක්

Mohamed Dilsad

මැතිවරණ වියදම් නියාමන පනත මැතිසබයට

Mohamed Dilsad

ඉන්ධන මෙට්‍රික් ටොන් 30,000ක් සමග පැමිණ නැව, ආපසු යයි.

Editor O

Leave a Comment