දේශීය

මැතිවරණ කොමිසමෙන් විශේෂ ඉල්ලීමක්

(UTV | කොළඹ ) – මැතිවරණ කොමිෂන් සභාව විසින් මැතිවරණ කාලසීමාවේදී බාල වයස්කාර දරුවන් අපේක්ෂක ප්‍රවර්ධනය සඳහා යොදා නොගන්නා ලෙස ඉල්ලීමක් කර තිබේ.

ඒ බාල වයස්කාර දරුවන් අපේක්ෂක ප්‍රවර්ධනය සඳහා වන වීඩියෝ පට, වෙළඳ නිවේදන, පෝස්ටර් සහ දැන්වීම් සඳහා යොදා ගැනීමේ ප්‍රවණතාවක් පවතින බවට නිරීක්ෂණ සංවිධාන කිහිපයක් කොමිසම වෙත කර ඇති දැනුම්දීමකට අනුවයි.

මෙවැනි බාල වයස්කාර දරුවන් අපේක්ෂක ප්‍රවර්ධනය සඳහා යොදා ගැනීම මගින් ඔවුන්ගේ පෞරුෂ වර්ධනයට මෙන්ම මානසික මට්ටමට ද අහිතකර බලපෑමක් සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේය.

Related posts

ශ්‍රී ලංකාව නැමැති ආදරණීය දරුවා සෙනහසින් බාර දී, යුතුකම ඉටු කර, ධූරයෙන් නික්ම ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Editor O

සියෙරා ලියෝන් රාජ්‍යයට ඇඳිරිනීතිය

Mohamed Dilsad

2023 අයවැය ඇස්තමේන්තු සකස් කිරීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment