දේශීය

අඟුලානේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් අද අධිකරණයට

(UTV | කොළඹ) – ඊයේ  පස්වරුවේ අඟුලාන පොලිසිය ඉදිරිපිට ඇතිවූ නොසන්සුන්තාවයට සම්බන්ධ පුද්ගලයින් 14 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාරියන් 09 දෙනෙකුද ඒ අතර වන බව පොලීසිය සඳහන් කරයි.

නොසන්සුන්කාරී වූ ප්‍රදේශවාසීන් පිරිසක් විසින් අගුලාන පොලීසියට එල්ල කල ගල් මුල් ප්‍රහාරයකින් එහි නාම පුවරුව , වාහන කිහිපයක් ඇතුලු දේපළ රැසකට හානි සිදුවී තිබෙන අතර මෙහිදී පොලිස් නිළධාරීන් 08 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

සැකකරුවන් අද (17) මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

අදාළ සැකකරුවන්ට එරෙහිව අයුතු ජන රාශියක සාමාජිකයන් වීම සහ අඟුලාන පොලිසියට ගල් වලින් පහරදී අනර්ථය සිදුකිරීම සම්බන්ධයෙන්ද චෝදනා එල්ලවී ඇති බව පොලිසිය ප්‍රකාශ කළේය.

 

Related posts

ඝාතන තැත වළක්වයි

Mohamed Dilsad

“ශ්‍රී ලංකාවට හැකි සෑම අයුරින්ම ඉන්දියාව උපකාර කලා”

Mohamed Dilsad

බලපත්‍රලාභී මුදල් සමාගම්වලට වත්කමෙන් 10% ක් දක්වා විදේශ මුදල් ණයට ගැනීම්වලට අවසර

Mohamed Dilsad

Leave a Comment