කලාවිදෙස්

ඓශ්වර්යා රායි වැඩිදුර ප්‍රතිකාර සඳහා මුම්බායි නුවර රෝහලකට

(UTV | කොවිඩ් 19) – කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මුම්බායි නුවර ජල්සා මැදුරේ ස්වයං නිරෝධායනයට ලක්වී සිටි බොලිවුඩයේ සුපිරි නිළි ඓශ්වර්යා රායි බච්චන් වැඩිදුර ප්‍රතිකාර සඳහා මුම්බායිහි පිහිටි නැණවතී රෝහල වෙත ඇතුළත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

ඇයගේ මාමණ්ඩිය වන 77 හැවිරිදි අමිතාබ් බච්චන් සහ සැමියා වන අභිෂේක් බච්චන් ද කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබන්නේ එම රෝහලේයි.

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ඓශ්වර්යාගේ 08 හැවිරිදි දියණිය ආරධ්‍යා මුම්බායි නුවර පිහිටි බච්චන් මැදුරු 5 න් එකක් වන ජල්සා මන්දිරයේ ස්වයං නිරෝධායනයට ලක්වූවාය.

කෙසේවෙතත් ඓශ්වර්යා රායිගේ නැන්දණියෙ වන ඡයා බච්චන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැත.

 

Related posts

වඩා ප්‍රබල චරිතයකින් තාප්සේ පන්නු යළි බොලිවුඩ් තිරයට

Mohamed Dilsad

ඉන්දියාවේ විශාලතම ප්‍රාන්ත 3ක් නැවත විවෘත කිරීම ප්‍රමාද කරන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

බංගලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Editor O

Leave a Comment