දේශීය

වැලිකඩ කාන්තා රැඳවියන් 3ක් අගුණකොලපැලැස්සට මාරු කර යවයි

(UTV | කොළඹ ) – වැලිකඩ බන්ධනාගාරය තුලට තහනම් ද්‍රව්‍ය ගෙන්වා ගැනීමේ සිද්ධීන්වලට සම්බන්ධ බවට අනාවරණ කරගත් කාන්තා රැඳවියන් 3 දෙනෙකු අගුණකොලපැලැස්ස බන්ධනාගාරය වෙත මාරු කර යවා තිබේ.

ඊයේ දිනයේදීත් තහනම් ද්‍රව්‍ය අඩංගු පාරසල් තුනක් වැලිකඩ බන්ධනාගාරයේ තාප්පයට ඉහලින් කාන්තා රැඳවියන්ගේ අංශයට විසිකර දමා තිබියදී සොයාගෙන ඇත.

ජංගම දුරකථන සහ එම උපාංග , හෙරොයින් ඇතුලු තවත් තහනම් ද්‍රව්‍ය එහි තිබී සොයාගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තමේන්තුව සඳහන් කළේය.

පසුගිය සති කිහිපයේදීම මෙවැනි සිද්ධීන් රැසක් වැලිකඩ බන්ධනාගාරයෙන් වාර්තා වී තිබිණි.

Related posts

කොළඹ ඩෙංගු දෙගුණයකින් වැඩිවෙයි

Mohamed Dilsad

කොළඹ මහල් නිවාස අගුළු දැමෙන කාලය දිගු වෙයි

Mohamed Dilsad

සමගි ජන බලවේගයේ මංගල සංවත්සරය අද හයිඩ් පාර්ක් පිටියේදී

Mohamed Dilsad

Leave a Comment