ක්‍රීඩා

මෙවර IPL තරඟාවලිය ඩුබායිහි දී

(UTV | ඉන්දියාව) –  මෙවර IPL ක්‍රිකට් තරඟමාලාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට තීරණය කර ඇත.

එහි සංවිධායකයින් පවසන්නේ ලබන සැප්තැම්බර් 26 වනදා සිට නොවැම්බර් 7 වනදා තෙක් කාල සීමාව ඊට යොදා ගැනීමට බලාපොරොත්තු වන බවයි.

මෙවර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟමාලාව කල් යාම හමුවේ එම කාලසීමාව ලබා ගැනීමට ඔවුන් සැලසුම් කර ඇත.

සංවිධායකයින් පවසන්නේ එමීර් බලධාරීන්ගේ අවසරය ලැබුණහොත් නරඹන්නන් කැඳවීමටද බලාපොරොත්තු වන බවයි.

පසුගිය අප්‍රේල් මාසයේදී පැවැත්වීමට නියමිත වූ IPL තරඟමාලාව කොරෝනා වසංගතය හේතුවෙන් කල් දමනු ලැබීය.

Related posts

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තේරීම් තරඟ කල් දැමේ

Mohamed Dilsad

ක‍්‍රිකට් ක‍්‍රීඩකයින්ගේ ශරීර යෝග්‍යතාව ගැන මහේල කියන කතාව

Mohamed Dilsad

සංගක්කාරට හිමිවූ අලුත් තනතුර

Mohamed Dilsad

Leave a Comment