දේශීය

පිළියන්දල හෝටල හිමිකරු ඝාතනයට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ ) – කැස්බෑව පිළියන්දල ගුරුගම්මාන ප්‍රදේශයේ හෝටලයක හිමිකරු ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ විමර්ශනවලින් අනතුරුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

හෝටල් හිමිකරු කිසියම් පිරිසක් විසින් ඝාතනය කර තිබුණේ පසුගිය හත්වනදා අලුයමයි.

මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සතුව තිබී ඝාතනයට යොදාගත් ආයුධ මෙන්ම රත්‍රං පවුම් 34 ක් සහ මැණික් ගල් 1 3ක් ද සොයාගත් බව පොලීසිය සඳහන් කළේය.

එම සැකකරුවන්ගෙන් එක් අයෙකු අදාළ හෝටලයේ සේවය කර ඇති බව ද මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

Related posts

ඉන්දන මිල පහළට

Editor O

සාෆිගේ නඩුවේ කරුණු දැක්වීමක් පිළිබදව CID ය කණගාටුවෙන්

Mohamed Dilsad

වඳුරු උණ බෝවීමේ අවධානම ගැන දැනුවත් කිරීමක්

Mohamed Dilsad

Leave a Comment