Trending News

මොරටුව විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයක්

(UTV | කොළඹ ) – මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයක් ස්ථාපනය කිරීම සඳහා මේ වන විට සැළසුම් කරමින් පවතින බවත් එහි අධ්‍යයන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

ඒ අනුව යෝජිත වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකය කළුතර මහ රෝහල තුළ පිහිටුවීමට නියමිතය.

හෝමාගම මූලික රෝහල එම වෛද්‍ය පීඨයේ සායනික පුහුණුව සඳහා යොදා ගැනීමට යෝජනා වී තිබේ.

ඒ අනුව කළුතර මහ රෝහල සහ හෝමාගම මූලික රෝහල ශික්ෂණ රෝහල් වශයෙන් උසස් කිරීම සඳහා සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව ඇත.

ඊයේ (22) අමාත්‍ය මණ්ඩලය රැස්වු අවස්ථාවේ දී අදාළ යෝජනාවට අනුමැතිය හිමිව තිබේ.

Related posts

வெள்ளை அஸ்பெஸ்டோஸ் சீட்டுக்களுக்கான தடை நீக்கம்

Mohamed Dilsad

அனுஷ்காவுடன் திருமணமா?

Mohamed Dilsad

கம்பனி பதிவாளர் திணைக்கள நடவடிக்கைகள் மேலும் விஸ்தரிப்பு – திங்கள் முதல் அனைத்து நிறுவனங்களும் ஒன்லைனில் பதிவு

Mohamed Dilsad

Leave a Comment