දේශීය

රූපවාහිනියක් හිසට වැටීමෙන් කුඩා දැරියක් මරුට

(UTV | කොළඹ) – නවගමුව දේවාලය අසළ නිවසක සිටි කුඩා දියණියකගේ හිස මතට රූපවාහිනියක් ඇඳ වැටීමෙන් ජීවිතක්ෂයට පත්වූ අවාසනාවන්ත පුවතක් අද වාර්තා විය.

නවගමුව දේවාලය අසළ නිවසක රූපවාහිනී රඳවනයක එල්ලී සෙල්ලම් කරමින් සිටි කුඩා දියණියකගේ හිස මතට එම රූපවාහිනිය ඇඳ වැටීමෙන් වූ අනතුරින් ඇය මිය ගොස් ඇති බව නවගමුව පොලිසිය පැවසීය.

දියණියට ඇයගේ මව බත් කවමින් සිට ඇති අතර, අත් සේදීම සඳහා ඇය නිවසේ මුළුතැන්ගෙයට ගිය අතරතුරදී දියණිය නිවසේ සාලයේ තබා තිබූ පැරණි රූපවාහිනීයක රඳවනයෙහි එල්ලී සෙල්ලම් කර ඇති අතර , එම අවස්ථාවේදී එක්වරම රූපවාහිනී යන්ත්‍රය පෙරලෙන ශබ්දය ඇසී මව පැමිණ බලනවිට බරපතල තුවාල සහිතව දරුවා යට වී සිටිනු දැක රෝහල් ගතකර තිබේ.

රෝහල් ගතකරන අතරතුරදී ඇය මිය ගොස් ඇති බව මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ රාජපක්ෂ ලියනගේ ලිනුකි වාර්ෂිකා රාජපක්ෂ නමැති වයස අවුරුදු පහමාරක පෙර පාසල් දැරියකි.

Related posts

ජීවන්ත පීරිස් පියතුමා අත්අඩංගුවට ගැනීමේ උත්සාහයට එරෙහිව අත්සන් 1640ක විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

විදුලි ගාස්තු සංශෝධන යෝජනාව මහජන උපයෝගීතා කොමිෂමට අද (06) බාර දෙයි.

Editor O

දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක්

Mohamed Dilsad

Leave a Comment