දේශීය

දිවයිනේ සියළු වැව් ප්‍රතිසංස්කරණයට ජාතික වැඩසටහනක්

(UTV | නාරම්මල) – දිවයිනේ සියලු වැව් ප්‍රතිසංස්කරණයට ජාතික වැඩසටහනක් සකස් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (27) නාරම්මල පැවැති ජනහමුවකදී ප්‍රකාශ කළේය.

දීර්ඝ කාලයක සිට නිසි අයුරින් වැව් සහ වාරි පද්ධතිය ප්‍රතිසංස්කරණය නොවීම ජනාධිපතිවරයා පසුගිය දිනවල චාරිකා කළ සියලු දිස්ත්‍රික්කවලදී ජනතාව ඉදිරිපත් කළ ප්‍රධාන ගැටළුවක් බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.

කෘෂිකර්මාන්තයට සහ ජන ජීවිතයට එය ඉමහත් හානිකර බලපෑමක් එල්ල කර ඇති බැවින් ඊට විසදුම් ලෙස විධිමත් මෙන්ම නිසි ප්‍රමිතිගත සැලැස්මක් ඇතිව සියළු වැව් ප්‍රතිසංස්කරණය කරන බව ද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

මැටි කර්මාන්තය ආශ්‍රිත ස්වයං රැකියාවල නිරත පිරිස තමන් මුහුණ දෙන ගැටලු පිළිබඳව ද ජනාධිපතිතුමාව එහිදී දැනුවත් කළේය.

ඔවුන්ට නිදහසේ ජීවනෝපාය කරගෙන යාමට ඉඩ දෙන ලෙසට ජනාධිපතිවරයා එහිදී පොලීසියට නියෝග කර තිබේ.

Related posts

දිවයින පුරා එක්ලක්ෂ තිස්දහසක් ස්වයං නිරෝධායනයේ

Mohamed Dilsad

අද තවත් ආසාදිතයින් 536ක්

Mohamed Dilsad

ජපාන තේ වෙන්දේසියේදී ශ්‍රී ලංකා⁣ තේ සඳහා වාර්තාගත ඉහළ මිලක්

Editor O

Leave a Comment